පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලකයන් 30ක් පමණ ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බව විශ්වසනීය ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මේ පිරිසෙන් ඇතැමකු සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු දේශපාලනයට ආයුබෝවන් කීමට තීරණය කර ඇති අතර තවත් පිරිසක් මහ මැතිවරණයට තරග නොකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු නියෝජනය ලබා ගැනීමේ සූදානමක සිටින බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මේ පිරිස අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු කථානායකවරයකු වූ චමල් රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න, ජී.එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, විජයදාස රාජපක්ෂ, සිසිර ජයකොඩි, අලි සබ්රි, ධම්මික පෙරේරා යන හිටපු ඇමැතිවරු වෙති.
දේශපාලන වශයෙන් හටගෙන ඇති කලකිරීම් මෙන්ම සාම්ප්‍රදායික දේශපාලනයට එල්ල වී ඇති විවේචනත් දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයේම නිරතව සිට වයෝවෘද්ධ භාවයට පත්වීමත් මෙම තීන්දු ගැනීමට මූලික ලෙස බලපා ඇතැයිද කියයි.
‘ඉන්ද්‍රා මව්බිම



















