BREAKING NEWS
Search

පිටකොටුවේ ඝාතනය ගැන තොරතුරු රැසක් – CCTV දර්ශණ මෙන්න

306

පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණයෙකු පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.

කෙසෙල්වත්ත, පීර්සයිබු ප්‍රදේශයේදී ඊයේ (04) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී තිබුණි.

පිරිසක් අදාළ තරුණයා පසුපස එළවා පැමිණ ඔහුට පහරදෙන අයුරු අසල තිබූ සීසීටීවි කැමරාවක සටහන්ව තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 23න් හැවිරිදි, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතියෙක්,

“අපේ ගෙවල් ළඟ තව පොඩි ගෙයක් තියෙනවා. අපි කුලියට දුන්නා. අපිට කිව්වා වතුර ලීක් එකක් තියෙනවා කියලා. මං හෙට ඇවිත් හදලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ එයත් එයාගේ අම්මත් අපේ ගෙදර ගාවට ඇවිත් අපේ අම්මට කෑගහලා ගිහින් තිබ්බා. මං ඇවිත් එයාගේ ගෙදරට ගිහින් ඇහුවා. එතකොට මට ගහන්න ආවා. මගේ අම්මට කුණුහරුපෙන් බැන්නා. ඒකට මගේ අයියා ගැහුවා. ඒකට එයා එයාගේ ගෙදරට ගිහින් දෙන්නෙක් එක්කගෙන ඇවිත් තිබුණා. ඊට පස්සේ අයියට ගැහුවා. මම යනකොට අයියව කට්ටියක් උස්සගෙන ආවා. අයියා නැති වෙලා.”

සිද්ධියට සම්බන්ධයෙන් කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *