BREAKING NEWS
Search

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

2500

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *