BREAKING NEWS
Search

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්

136

විදේශයන්හි රැකියා කරන  රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය  පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි  තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති  ඩබ්ලිව්.  පී.සී  වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දුන්නේය.

නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම වාර්තාවෙන් එකිනෙක විස්තර කර ඇත.

මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට   ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරු අනාවරණය විය.

ඉන් වාහන 75ක්ම ගෙන්වනු ලැබ  ඇත්තේ  එක් ආයතනයක් විසිනැයි එහිදී වැඩිදුරටත්  හෙළි විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *