BREAKING NEWS
Search

මාරක රිය අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට

181

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (04) දින මෙම අනතුරු සිදු වූ බවය.

නයිවල දිවුලපිටිය මාර්ගයේ නයිවල වත්ත ප්‍රදේශයේදී දිවුලපිටිය දෙස සිට නයිවල දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය මැද අනාරක්ෂිත ලෙස නිදාගෙන සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ නයිවල වත්ත වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේදී නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ගිලන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

තවද කොටහේන මේෆීල්ඩ් හන්දිය ප්‍රදේශයේදී බඩු පැටවීම සඳහා පසුපසට ධාවනය කළ ලොරි රථයකට හා එම ලොරි රථයට පිටුපසින් නවතා තිබූ තවත් ලොරි රථයකට සිරවීමෙන් ලොරි රථයකට බඩු පැටවීම සඳහා පැමිණි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *