රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු පෙරේදා (18 දා) රාත‍්‍රී අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව තිබේ.
මොරවින්න, මාදුපිටිය, ගොළුකොටුව වත්ත සහ දිබ්බැද්ද ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 48 අතර වයසේ පසුවන කාන්තාවන් සහ තවත් පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි. දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායම නිවස වටලන විට සැකකාරියන් පැනයෑමට උත්සාහ දරා ඇති අතර කාන්තා පොලිස් කොස්තාපල්වරියන්ගේ සහායෙන් ඔවුන් හයදෙනාද, සූදු ක‍්‍රීඩාවේ නියැලී සිටි පුද්ගලයකු පොලිස් නිලධාරීන් විසින්ද අත්අඩංගුවට ගෙන ඔවුන් භාරයේ තිබූ ජංගම දුරකථන 5 ක්, බූරු ගැසීම සඳහා භාවිතා කළ බූරු කුට්ටම සහ රුපියල් පන්දහසකට ආසන්න මුදලක් පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි. සැකකරුවන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරී 1 උදය අමරතුංග, ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චාමින්ද පින්තු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. රෝහණ සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් උ.පො.ප. පාදුක්ක, පො.සැ. වරුන් වන අබේවික‍්‍රම (39811), රංජිත් (59368) පො.කො. වරුන් වන තුෂාර (79335), මධුරංග (88245), ප‍්‍රියසමර (35149) සහ කා.පො. හසිනි (10591) සහ සඳමාලි (11838) යන නිලධාරිනියන් වැටලීමට එක්වූහ.




















