BREAKING NEWS
Search

අතුරුදන්ව සිටි සිව්දරු පියාගේ සිරුර හමුවූ තැන

146

දින හයක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිටි සිව්දරු පියාගේ සිරුර මහවැලි ගගේ නාවලපිටිය දොරවාදෙණිය වැල් පාලම අසල තිබි හමු වු බව නාවලපිටිය පොලොසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය පොලිස් වසමට අයත් තිස්පනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි සිව්දරු පියෙක්.

දින හයක් තිස්සේ සිව්දරු පියා අතුරුදන් වි ඇති බවට ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ දියණිය විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මහවැලි ගගේ නාදුනන මල සිරුරක් පාවෙමින් ඇති බවට ප්‍රදේශවාසින් විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මත සිරුර ගොඩගෙන පරික්ෂා කිරිමේදි එම සිරුර අතුරුදන්ව සිටි සිව්දරු පියාගේ සිරුර බවට ජිවිතක්ෂයට පත් පුද්ගලයාගේ දරුවන් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *