අදටත් ඇය එදා හිටිය ඒ පුංචි සුරංගනාවියම තමයි.. ඒත් දැන් කාලය නොදැනීම ගෙවිලා ගිහින්.. ශේවේතා දැන් යෞවනියක්..
නිල්මිණී තෙන්නකෝන් වගේම මදුමාධව අරවින්දගේ ආදරණීය දියණිය තමයි ශ්වේතා මන්දාකිනි කියන්නේ.. අම්මා ළඟ ගොඩක් ආදරණීය විදිහට හැදෙන වැඩෙන ශ්වේතා දැන් දැන් අගේ ලෝකය හොයාගෙන පියඹන ගමන්..
අම්මාත් එක්කම කාලය ගෙවන ඇය ඇගේ 22වැනි උපන්දිනය දවස ගෙවන්නේ තනියම..
ඒත් ඔන්න ඒ විශේෂ දවස ඇගේ අම්මාටවත් තාත්තාටවත් අමතක වෙලා තිබුණේ නැහැ.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නා ආදරණීය දියණිය සුබපැතුම් එක්කළ අපූරුව..
































