දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි

125

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති  ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී ගබඩාවල මස් තොග ගබඩා කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා තිබූ ගබඩා කර තිබූ මස් තොගයක් ඝාතනයට සූදානම් කර තිබූ ගවයන් හතර දෙනෙක් සහ එම  ව්‍යාපාරිකයා අද( 04 ) සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලිසිය කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරීන් දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස තොරතුරු පිළිබඳව ගවේෂණය කොට   දඹුල්ල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් එක්ව අද අලුයම හතරේ සිට මෙම වැටලීම සිදුකොට තිබේ.

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් බා දී ඇති ගව මස් මඩුවකට ලබා දී ඇති බලපත්‍ර හිමි ආයතනයක මෙම මහා පරිමාණය හරක් මස් ජාවාරම ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කළේය.

එම ස්ථානය පරික්ෂා කර බැලීමේදී මස් අලෙවි මඩුවට ආසන්නයේම වී ගබඩාවක් තුළ අධි ශීතකරන රැසක  ඇසුරුම් කරන ලද ගව මස් කිලෝ තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල පොලිසියේ   දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පවසති.

(කාංචන කුමාර ආරියදාස)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *