BREAKING NEWS
Search

අහංගම ද්විත්ව ඝාතනයක්

252

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද (04) උදෑසන කාලයේ දී අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මහලු යුවළක් ගෙල කපා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ලේ ගලන තුවාල සහිතව පුද්ගලයෙක් නිවසක වැටී සිටින බවට පොලීසියට ලද දුරකථන පණිවුඩයක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ, 67 හැවිරිදි පුද්ගලයෙක් හා 63 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී  නොමැත.

අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *