BREAKING NEWS
Search

එකට කා බී මිතුරාට කල අපරාධය

295

රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, එහිදී බරපතල තත්ත්වයෙන් පසු වූ ඔහු තලම්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

මත්පැන් පානයකරන අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක් වන ගබ්බල, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු හා ඝාතනයට යොදාගත් බවට සැකකරන පිහියක්ද අත්අඩංගුවට ගෙන ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *