ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 694ක මුදලකටය.
වෙනත් පුවත්
ඔබ මග බලා සිටින විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන ඇසෙන සුබ ආරංචිය මෙන්න..
ඔහු පවසන පරිදි මෙවර විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා අයදුම්පත් 90,000ක් පමණ තිබෙනවා.. ඉන් සිසුන් 45,000ක් විශ්වවිද්‍යාලවලට මෙවර තෝරා ගැනීම සිදු කරන බවයි වාර්තා වෙන්නේ..
කෙසේ වෙතත් මෙම විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට අදාල කටයුතුවලින් මේ වන විට සියයට 95ක් අවසන්ව පවතිනවා..
ඒ අනුව විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන් 45,000න් මේ වන විට 41,000ක් පමණ තෝරාගෙන අවසන් බවයි වාර්තා වෙන්නේ..
මේ සියලු තෝරා ගැනීම් අවසන් කර තවත් සිසුන් සියයට 5ක් බඳවා ගැනීමට ඉඩ ඉතිරි කර ඇති බවත් එම සිසුන් සියයට 5 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල මත බඳවා ගන්නා බවයි වාර්තා වෙන්නේ..


















