BREAKING NEWS
Search

ජනපති අනුරගේ නම කියමින් විරෝධතාකරුවන්ට තර්ජනය කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න’ මනෝ ගනේෂන්ගෙන් ඉල්ලීමක්

361

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වව්නියාවේදී අතුරුදන් කළ දරුවන් සොයා දෙන ලෙසට ඉල්ලා උද්ඝෝෂණය කළ දෙමළ අම්මලාට ‘තමන් අනුර කුමාරාගේ මිනිහෙක්’ බවට පාරම් බාමින් තර්ජනය කළ පුද්ගලයාට එරෙහිව නීතියම පියවර ගන්නා ලෙසට දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ ඉල්ලීමක් සිදු කරනවා.

එහි නායක මනෝ ගනේෂන් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම ඉල්ලීම සිදු කළා.

ලෝක ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් මස 01 වැනිදා වව්නියාවේදී බලහත්කාරයෙන් අතුරුදන් කළ වූවන්ගේ ඥාතීන් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඊට ‘අනුර කුමාරගේ මිනිහා’ යැයි පවසමින් පුද්ගලයෙක් තර්ජනය කළ බවයි, මනෝ ගනේෂන් මහතා අවධාරණය කළේ.

ඔහු ආණ්ඩුවේ අයෙක් ද නැත්නම් වෙනත් අයෙක් ද යන්න සොයා බලා දඩුවම් ලබා දෙන ලෙස මනෝ ගනේෂන් මහතා ඉල්ලා සිටියා.

“අපි වෛරී දේශපාලනය කරනවා නෙවෙයි. එහෙම නම් අපිට කියන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මිනිස්සු කියලා. අපි එහෙම කියන්නේ නැහැ. හොයලා බලලා දඬුවම් දෙන්න. සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂනය කරපු අවස්ථාවේදී කඩා පැනලා මම අනුරගේ මිනිහා කියලා කියනවා. එතැනට යන්න දෙන්න එපා කාටවත්..”

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත යුද්ධාවසානයේදී බාර දුන් දරු දැරියන්ගේ ඉරණම හෙළි කරන ලෙස ඉල්ලා පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා විරෝධතාවක් සංවිධාන කර තිබුණා. එය නතර කරන ලෙසට බලකරමින් නාඳුනන පුද්ගලයෙකු තර්ජනය කළ බවයි අපි වාර්තාකරු කියා සිටියේ.

එම වීඩියෝව –




Leave a Reply

Your email address will not be published. Required fields are marked *