BREAKING NEWS
Search

මොරටුවේ සිදුවූ අනතුර

246

වේගය අඩාල කරන ලද ලොරි රථයක් පසුපස වැන් රථයක් පිටුපසින් යතුරු පැදි දෙකක් නවතාගෙන සිටියදී ඒ පිටුපසින් පැමිණි හොන්ඩ විස්ල් වර්ගයේ මෝට‍ර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරිපස තිබූ වාහනවල වැදී අනතුරක් සිදුව තිබෙනවා.

අද (03) මෙම අනතුර මොරටුවේ මංසන්ධියක සිදුව තිබුණා.

එම අනතුරෙන් යතුරු පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

ඉන් එක් අයෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයේ රියදුරු පවසා ඇත්තේ තමන් එම වාහනයේ තිරිංග යෙදූ නමුත් රථය නොනැවතී ඉදිරියට ගමන් කළ බවයි.

කෙසේ වෙතත් මෝටර් රථයේ පැමිණි රියදුරු මොරටුව රථ වාහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *