සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ආමාත්‍ය එස්. ඊශ්වරන්ට සිරදඩුවම් නියමවී තිබෙනවා.
ඒ ඔහුගේ මිතුරන් ලෙස සැළකෙන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වසර 7ක් පුරාවට තෑගි මුදල් ලෙස ලබා දුන් සිංගප්පූරු ඩොලර් හාරලක්ෂ 3,300ක් ලබා දීම සම්බන්ධයෙන් පැවති පළමු නඩු විභාගයේ දී අමාත්‍යවරයා අධිකරණයේ දී වරද පිළිගැනීම හේතුවෙන්.
මීට පෙර ද අධිකරණය හමුවේ ඔහුට නඩු පැවරුණා.

වෙනත් පුවත්
විභාගය යළි එපා” ශිෂ්‍යත්වයට පෙනී සිටි දරු දැරියන් බහුතරයකගෙන් ඉල්ලීම්
මතභේදයට තුඩු දී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස මව්පියන් පිරිසක් ඉල්ලීම් කරන පසුබිමක නැවත විභාගය නොපවත්වන ලෙස විභාගයට පෙනී සිටි බහුතර සිසු දරුවන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් පිරිසක් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුනේ ඔවුන් සතු සාක්ෂි ලබා ගැනීම සඳහායි.
කෙසේ වුවත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් නැවත විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අද ප්‍රතිචාර පළ කර අතර එහිදී ඔවුන්ගෙන් බහුතරයක් කියා සිටියේ විභාගය යළි පැවැත්වීම නොකළ යුත්තක් බවයි.
පසුගිය මස 15 වැනිදා පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇතැයි මව්පියන් සහ ගුරුවරුන් චෝදනා කිරීමත් සමඟ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක අත්හිටුවීමටයි ජනාධිපතිවරයා තීරණය කළේ.


















