BREAKING NEWS
Search

එළවලු මිල විශාල ලෙස පහලට – මිල පහල යාමෙන් තවත් ප්‍රශ්නයක්

3640

එළවළු මිල අඩු වීම නිසා එළවළු ගොවියන් අසරණ භාවයට පත්ව ඇතැයි ගොවියන් පවසනවා.

ඒ හේතුවෙන් සිය අස්වන විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ගොවියන් පවසන්නේ.

එමෙන්ම මිල අඩු වීම නිසා එළවළු ඉතා අඩු මිලට අලෙවි වන බවත්, ගොවීන් අසරණ වී ඇති බවත්, ඔවුන් පවසනවා.

මේ අතර, බෝංචි කිලෝවක මිල රුපියල් 200ක් ද, කැරට් කිලෝවක මිල රුපියල් 100ක් ද, ගෝවා කිලෝවක මිල රුපියල් 150ක් ද,

තක්කාලි කිලෝවක මිල රුපියල් 250ක් ද, අමු මිරිස් කිලෝවක මිල රුපියල් 130ක් ලෙස තොග මිල සඳහන්.

වෙනත් පුවත්

අදත් ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *