BREAKING NEWS
Search

පසුගිය ආණ්ඩුවෙන් ජනවාරි සිට වැඩිවෙනවා කිවූ සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප ගැන නව රජයේ තීරණය මෙන්න

1367

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

විජිත හේරත් ඇමැතිවරයා කියා සිටියේ, රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දියයුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් ජීවන වියදම වැඩිවනවිට ජීවත්වීම සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් වියයුතු බවයි.

පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ගෙන තිබූ කැබිනට් තීරණය ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා.

‘2025 ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමක් ගැන කැබිනට් මණ්ඩලය තීන්දු කරල තිබුණා. අපට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතු වෙනවා. මුදල් වෙන් කරන්න අයවැය ඉදිරිපත් කරන්න වෙනවා.

අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ නිසා ඉදිරි අයවැයක දී තමයි රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරල මෙවැනි වැටුප් වැඩිවීමකට යා හැකිද?

නොහැකිද යනවනම් යා හැක්කේ කුමන මට්ටමින් ද අදියර කීයකින් ද යන්න තීන්දු කරන්න වෙන්නේ ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දියි.

රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදය ගැන තීන්දුවක් ගනු ලබන්නේ ඉදිරි අයවැයේදියි’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *