මේ දවස් වල සමාජ මාද්‍ය වල පෝච් රථයක් සැප විදින්න අරගෙන කියලා විශාල කතා බහක් යනවා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මම ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට ජීප් රථයක් ලබා දුන්නා. ඒක කැඩුනා ඒකට ආයේ වාහනයක් දුන්නා.
මම වාහන 8ක් විතර මාරු කරලා තියෙනවා. පස්සේ ශාවස්ත්රියේ පුස් කකා තිබිච්ච ඔය පොර්ච් රථය ගෙනත් බාරදුන්නා. ඕක මට බාරදුන්නු දවසෙත් වාහනේ ඇන හිටියා. මම කිව්වා මට මේ වාහනේ එපා කියලා. මම කවදාවත් මගේ පුද්ගලික ගමන් මේකෙන් ගිහින් නැහැ.
මේ පොර්ච් රථය ඩිකිය අරින්න බැරි , සන්රූෆ් එකක් තිබුනා ඒක සම්පුර්ණ වේයෝ කාලා. වහිනකොට රියදුරාගේ දොරෙනුයි ඉස්සරහා පැත්තේ දොරෙනුයි වතුර ගලන හරියට මේන් ටේන් නොකරපු වාහනයක්.
මං ගිහින් වාහන බාර දුන්නේ නෑ. මම ගිහිල්ලා ගෝල්ෆේස් පිට්ටනියට වාහනේ දැම්මේ නෑ. ඒ උනාට මගේ නමට දාලා තියෙන්නේ මම බාර දුන්නු විදිහට.
මම මේක නිතරම කැඩෙන නිසා නැවත බාර දුන්නා. ඊට පස්සේ මම ගමන් ගියේ මගේ වාහනේ. මම කනගාටුවෙනවා මම ගැන ඒ විදිහට කතා කරන එක ගැන. මම ජනතාවගේ සල්ලි අරගෙන නෑ. මම මගේ දේවල් දීලා තියෙනවා. ඒක දන්නවා කොලබ ජනතාව. ජනතාව අසරණව ඉන්නකොට මම හාල් බෙදලා තියෙනවා. එසල්ලි වලින් මට පොර්ච් රථයක් ගන්න තිබ්බා. කොලබ නගරට මම කරපු දේවල් කවුරුත් කතා කරන්නේ නෑ.
2012 කවුද මේ පොර්ච් රථය ගෙන්නුවේ කවුද ? ඒවා හෙව්වනම් හොදයි. මැතිවරණයක් එනකොට මට ගහන්න හදන කතාවක් ඕක.




















