එම පණිවුඩයේ සඳහන් කර තිබෙන්නේ උගන්ඩා, සිෂෙල්, ලෝස් ඇන්ජලිස් රට පුජා මහජනතාවගේ ධනය කොල්ල කෑ දේ යළි ගෙන්වීමට හැකි වන්නේ අදුශිත දේශපාලන බලවේගයට පමණක් යැයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී මාධ්‍ය වෙත කල අදහස් දැක්වීමක විඩියෝවක් සහිතවයි.
එම විඩියෝ පටයේ “ අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ, අපිට ඒව්වා ගන්න ඕන නැද්ද? යන්න නීතීඥ නිලන්ති කොට්ටච්චි ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමත් ද ඇතුලත්.
නාමල් රාජපක්ෂ එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවයි. ජනාධිපති AKDට එම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ තිබෙන බවයි.




















