BREAKING NEWS
Search

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමගේ මරණයට අරගලකරුවන්ගේ සම්බන්ධයක්

606

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතාගේ මරණය සිදුවූයේ 2022 මැයි 09 වැනිසා ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයේදී සිදුවූ පහරදීමෙන් ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.

අරගලකරුවන් වෙල්කම මහතාට සිදුකල දරුණු පහර දීම වලින් පසු බරපතල තුවාල සිදුවූ බවද ඔහු ඒ හේතුවෙන් වෙල්ගම මහතා වරින් වර අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.

අභාවප්‍රාප්ත වූ කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුවිය

වෙනත් පුවත්

සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක්: තිදෙනෙකු මිය ගොස් 15 දෙනෙකුට තුවාල

සඳුදා රාත්‍රියේ චීනයේ ෂැංහයි හි වෝල්මාට් සුපිරි වෙළෙඳසැලක තුළ පුද්ගලයෙකු පිහි ඇනුමක් සිදු කර තිබෙනවා.

ඉන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ෂැංහයි නගරයේ නිරිත දිග ප්‍රදේශයේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක් වන සොන්ජියැන්ග් හි වෝල්මාට් සුපිරි සාප්පු සංකීර්ණයක මෙය සිදුව ඇති අතර එම ප්‍රදේශයේ විශ්ව විද්‍යාල කිහිපයකටද නිවහන වනවා.

පිහි ඇනුම සිදුකළ 37 හැවිරිදි පුද්ගලයෙකුව එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව චීන පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, ඔහු ෂැංහයි වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ආර්ථික ආරවුලක් නිසා ඇති වූ කෝපය පිටකර ගැනීමට බවයි ඔවුන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *