මොවුන් දෙදෙනා හෝටලයේ කාමරයක් තුළ ලිංගිකව එක්වෙමින් සිටියදී කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ දී පෙම්වතා ගිලන් රථයක් එහි කැඳවා පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි අන්තර්ජාලයෙන් සොයා ලබා ඇති බවයි හෙළිව ඇත්තේ.
එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇති අතර පසුව පෙම්වතිය සිහසුන් වී තිබෙනවා.
එහිදී බියට පත් වූ පෙම්වතා තම මිතුරියක හෝටලයට කැඳවා පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ තරුණියව පසුව රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති බව සදහන්.
අනතුරුව ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.




















