BREAKING NEWS
Search

ජනප්‍රිය නළුවෙකුට වෙඩි වැදී රෝහලට

754
ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා.

අද අලුයම 4.45ට පමණ ඔහුගේ නිවසේදී මෙම තුවාලය සිදුව ඇත්තේ ඔහුගේ බලපත්‍රලාභී රිවෝල්වරයේ දෝෂයක් හේතුවෙන්.

ඔහුගේ රිවෝල්වරය බිම වැටීමෙන් එය ක්‍රියාත්මක වී උණ්ඩය ඔහුගේ දණහිසට පහළින් වැදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය වන අවස්ථාවේ ඔහු නිවසේ තනිව සිට ඇති අතර, සිද්ධිය සිදු වන විට ඔහු කොල්කටා බලා යාමට සූදානම් වෙමින් සිටි බවයි ඔහුගේ කළමනාකරු පවසන්නේ.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි ක්‍රිටෙකෙයාර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය අනතුරුදායක නොවන බවයි ඔහුගේ කළමනාකරු සඳහන් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *