BREAKING NEWS
Search

ලෝකෙම සිහින කුමරු කිං ඛාන් ට තවත් විශේෂ තෑග්ගක්

114

24 වැනි අයිෆා IIFA – International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම්මාන උළෙලකි.

මෙවර සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ය. ඒ, 2023 වසරේ තිරගත වුණු ‘ජවාන්’ චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රානි මුඛර්ජීය. ඒ, ‘මිසිස් චැටර්ජි වර්සස් නෝර්වේ’ චිත්‍රපටයේ කළ සුවිශේෂී රංගනය වෙනුවෙනි.

‘ඇනිමල්’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම අධ්‍යක්ඹවරයා වූයේ ’12 ත් ෆේල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විදු විනෝද් චොප්රාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *