BREAKING NEWS
Search

ලෙබනනයේ සහ සිරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

171

ලෙබනනයේ සහ සිරියාවේ පවතින ගැටුම් නිසා නැවත දැනුම් දෙන තුරු එම රටවල සංචාරය නොකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී සිටී.

දැනට එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ඩැමස්කස්හි කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ගොස් අවශ්‍ය ආරක්ෂක උපදස් ලබා ගන්නා ලෙස ද සඳහන් කරයි.

ඒ සදහා [email protected] හෝ හදිසි දුරකථන අංක 0094 771102510 මගින් සනත් බාලසූරිය,0094 718381581 මගින් ප්‍රියංගනී දිසානායක 00961 81485809 මගින් ෆහඩ් හව්වා සහ ඩැමස්කස් කොන්සල් ජනරාල් ආචාර්ය අලි ඩෘබී ඇමැතිය හැකි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ඊට අමතරව [email protected] සහ දූරකථන අංක 00963 944499666,00963 933858803 භාවිතා කරන ලෙස ද ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *