ඊශ්‍රායලයේ රැකියාවට ගොස් මාස 6කින් සියලු දෙනා ශෝකයට පත් කරමින් ජීවිතය ගැන තද තීරණයක් ගත් තරුණයා

260

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

නිමල් බණ්ඩාර මහතා පැවසුවේ අදාළ තරුණයා මීට මාස 6ක පෙර ඊශ්‍රායලයට පැමිණ ඇති අතර ඔහු කෘෂි ක්ෂේත්‍රයට අනුයුක්තව සේවයේ නිරතව සිට ඇති බවය.

මියගිය තරුණයාගේ දේහය මෙරටට එවීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *