BREAKING NEWS
Search

පොහොර හා ධීවර සහනාධාරය අත්හිටුවයි

406

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහ කන්නයේ වී ගොවීන් සඳහා රුපියල් 25,000 ක දීමනාවක් සහ ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී මෙවැනි සහනාධාරයක් ලබාදීමට තීන්දු කිරීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.

ඒ අනුව අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව මහ මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.

එම කොමිසම පෙරේදා රැස්වූ අවස්ථාවේදිය මෙම තීරණය ගෙන ඇත්තේ.

මහ කන්නයේ වී ගොවින් සඳහා හෙක්ටයාරයකට රුපියල් විසි පන්දහසක දීමනාවක් ලබාදීමටත්, ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහ භාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ පසුගිය 26 වනදායි.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීමටත්, බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරය ලබාදීමටත් නියමිතව තිබුණා.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩි කළ මෙම සහනාධාරය හෙට සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිත වුණේ.

මේ අතර පසුගිය සමයේ මධ්‍යම පළාත් සභාව සතුව තිබු වාහන රැසක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහනුවර හිටපු නාගරික මන්ත්‍රී, ජාතික ජනබලවේගයේ විධායක සභික චන්ද්‍රසිරි විජේනායක විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *