රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පාසල් ගුරුවරුන්ගේ හිංසනය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව මේ වනවිට කතා කිරීමේ අපහසුතාවට පත්ව ඇති අවුරුදු 7ක් වයසැති එස්. ඒ. ආකාෂ් හෂේන් අමරසිංහගේ අහිංසක ඉල්ලීම වන්නේ” ගුරුවරුන් හිංසා කරන්නේ නැති ඉස්කෝලෙකට යන්න මම ආසයි “යන්නයි. ආකාෂ් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මේ වන තෙක් පාසල් ගොස් නැත. තම දරුවා පත්ව ඇති තත්ත්වය පැවසීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හමුවීමට බදුල්ලට ගිය ආකාෂ්ගේ පියාව කාර්යාලයෙන් නෙරපා දැමුයේ තමා මාලිමාවට ඡන්දය දුන් බව පවසමින් යැයි ඔහු චෝදනා කරයි.
ආකාෂ් පදිංචිව සිටින්නේ මහියංගණය, දෙහිගොල්ල, පැරකුම් පෙදෙස, අංක 289 ලිපිනයේය. ආකාෂ්ගේ පියා වකුගඩුවක් දන් දීම හේතුවෙන් මේ වනවිට රෝගී තත්ත්වයෙන් පසුවන අතර, පවුලේ අගහිඟකම් නිසා මව විදෙස්ගතව සිටියි.
ආකාෂ්ගේ පියා වන එස්. ඒ. අමරසිංහ මේ පිළිබඳ මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.
“අපි මේ ඉඩමට 2017 අවුරුද්දේ අලුතින් පදිංචියට ආවේ. මගේ දුව දෙහිගොල්ල ඉස්කෝලෙට ඇතුළත් කරගන්න හදනකොට එහි හිටපු විදුහල්පතිවරයා රුපියල් 25,000ක් ඉල්ලුවා, දුව ඉස්කෝලෙට ගන්න. අපට දෙන්න සල්ලි නෑ කිව්වා. මේ ප්‍රශ්නේ අපි ඌව පළාත් හිටපු අධ්‍යාපන ලේකම්වරිය වන අඹන්වෙල මැඩම්ටත් දැනුම් දුන්නා. අපේ දරුවා පහුවදා ඉඳලාම ඉස්කෝලෙට ගන්න කියලා විදුහල්පතිවරයාට මැඩම් කතා කරලා දැනුම් දී තිබුණා. ඒ මැඩම් තමයි අපි මේ දැන් ඉන්න ගේ හදා ගන්න රුපියල් ලක්ෂ පහක් දුන්නේ. දුව ඉස්කෝලෙට භාරගත්තත් නොයෙක් වෙනස්කම් සිද්ධ වුණා. ඒ අර සිද්ධිය මැඩම්ට කීවා කියලා. දුව 09 ශ්‍රේණියේ ඉද්දී එයාගේ ඉස්කෝලෙ ගමන කඩාකප්පල් වුණා. ඒ අවුරුද්දේදීම මේ පුතාත් ඉස්කෝලෙට භාර දුන්නා. ඒ භාරදීලා දරුවා මාස 06ක් විතර ඉස්කෝලෙ ගියා. ඒ යද්දී ඉස්කෝලෙන් දරුවට එක එක ප්‍රශ්න දානවා. එක එක දේවල්වලට සල්ලි එකතු කරනවා. එහෙම සල්ලි දෙන්න අපට හයියක් නෑ. ඒ ගැන කිව්වාම ළමයාට අරියාදු කරනවා. ටීචර්ලා වෙනස්කම් කළා. දවසක් දරුවාට තොල්පට පුපුරන්න ගහලා තිබුණා. මම ඉස්කෝලෙට ගිහින් ඒ ගැන ඇහුවාම ටීචර් මට බැන්නා තමුසෙගෙ දරුවා ඕන තැනකට අරන් යනවා කියලා. ඒ ගැන මම විදුහල්පතිවරයාට කිව්වා. විදුහල්පතිවරයා මට කිව්වේ ඔයාට පුළුවන් දෙයක් ඔයා කරන්න කියලා. ඊට පස්සේ මම මහියංගණය කලාප කාර්යාලයට ගිහින් මේ ගැන කිව්වාම ලිඛිතව ලියුමකින් ඒ පිළිබඳ විස්තර ගෙනත් දෙන්න කිව්වා. මම උඩහා ගෙදර ඉන්න දුවකුට කියලා ලියුමක් ලියාගෙන ගිහින් දුන්නා. ඒ ගැන බලන්න දවස් පහ හයකට පස්සේ ගියාම ඔයා ළමයා වෙන ඉස්කෝලෙකට මාරු කරන්න කියලා කිව්වා. මම එහෙම හරියයි ද කියලා ඇහුවා. ඊට පස්සේ තමයි සේරාණ ප්‍රාථමික ඉස්කෝලෙට ළමයා දැම්මේ.
සේරාණ ඉස්කෝලෙට දාපු දවසෙම මගේ දරුවා අරගෙන ගිහින් ඉස්කෝලෙ පිටිපස්සට මෙයාගේ පන්ති භාර ටීචයි, එක බී පන්තියේ ටීචයි, දෙකේ පන්තියේ ටීචර් කෙනකුයි පොල්ලක් අරන් ගිහිල්ලා කිව්වාලු තමුසේ දැන් ඇත්ත කියන්න ඕනෙ. අපේ ටීචලාට විරුද්ධව කලාපෙට ගිහින් තියෙනවා. ඒ ඉස්කෝලේ ටීචර් කෙනෙක් මට දැන් කතා කරලා විස්තරේ කිව්වා කියලා ගහලා. දරුවා හොඳටම බය වෙලා. මම දරුවා ගන්න ඉස්කෝලෙට ගියාම මට එයා විස්තරේ කිව්වා. මම ඒ ගැන ටීචර්ගෙන් ඇහුවාම ළමයා හදන්නේ අපට ඕන විදියට, ඔයාට ඕන විදියට නෙවෙයි කිව්වා. පහුගිය දෙසැම්බර් වෙනකම් ළමයා ඉස්කෝලේ ගියා. අනේ හැමදාම දරුවාට ගුරුවරුන් හිරිහැර කරනවා. දරුවා උදේ රැස්වීමේ ඔළුව හරවලා බැලුවත් ටොකු අනිනවාලු ටීචර්. දරුවා මට කියන්න ගත්තා තාත්තේ මට ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒ කාලේ ඉඳලා තමයි දරුවා ගොතගහන්න පටන් ගත්තේ.
විදුහල්පතිවරයාත් කිව්වා දරුවා වෛද්‍යවරයකුට පෙන්නන්න කියලා. මම මහියංගණය ඉස්පිරිතාලෙ වෛද්‍යවරුන්ට පෙන්නුවා. දැනටත් වෛද්‍යවරුන් පස් දෙනෙක් බලනවා මේ දරුවා. දෙකේ පන්තියේ ඉන්න ඕන දරුවා තාම එකේ පන්තියේ ඉන්නේ. ඉස්පිරිතාලෙන් දරුවා මානසික රෝග ප්‍රතිකාර ඒකකයට දැම්මාට පස්සේ ඒ වෛද්‍යවරුන් කිව්වේ දරුවා පාසලේදී හිංසනයට ලක්වීමත් පීඩනයට ලක්වීමත් නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. දරුවා වෙනත් පාසලකට මාරු කර යහපත් මානසික තත්ත්වයක් උදා කරදීමෙන් මේ රෝගී තත්ත්වයෙන් දරුවා මුදා ගන්න පුළුවන් කියලත් කිව්වා.
ඒ ගැන වෛද්‍යවරුන් අපට ලියුමකුත් දීලා තියෙනවා, මහියංගණය කලාප කාර්යාලයට ගිහින් දෙන්න කියලා. ලියුම අරන් මහියංගණය කලාප කාර්යාලයට ගියාම ලියුම අතටවත් ගත්තේ නෑ. දරුවා එළියට දාන්න කිව්වා මට. මම කිව්වා දරුවාගේ ප්‍රශ්නයකට තමයි සර් ආවේ ඒ ගැන දරුවාගෙන්ම තමයි අහන්න ඕන කියලා. තමුසෙට මමනේ කියන්නේ අයිසේ තමුසේ ළමයා එළියට දානවා කිව්වා. මම කිව්වා සර් ඒක හරි නෑනේ… සර් කතා කරන ක්‍රමයත් හරි නෑනේ කියලා. ලියුම අල්ලලා විසි කළා. තමුසෙට පුළුවන් දෙයක් තමුසේ කරනවා කිව්වා.
ඊට පස්සේ මම මහියංගණය පොලිසියේ ඕඅයිසී මහත්තයා හමුවෙලා මේ ගැන කිව්වා. වෛද්‍යවරුන් දීපු ලියුම බලලා එතුමා කිව්වා, මීට කලින් ඇවිත් පැමිණිල්ලක් දාන්නනේ තිබුණේ කියලා. අපි එහෙම නම් ඒකට පියවරක් ගන්නවානේ කියලා. මම දරුවාගේ නම පොලිස් පොතේ ලියන්න බෑනේ සර් ඒකයි ආවේ නැත්තේ කිව්වා. ඊට පස්සේ එතුමා කිව්වා වහාම ගිහින් බදුල්ලේ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හමුවෙලා මේ ගැන කියන්න කියලා.
පස්සේ මම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවීමට බදුල්ල කාර්යාලයට ගියා. එතුමාට මම ලියුම දීලා විස්තරේ කිව්වා. ලියුම බලලා තමුසේ ඡන්දේ දැම්මේ කාටද කියලා ඇහුවා. මම කිව්වා මාලිමාවට කියලා. තමුසෙලාට පිස්සු ද අයිසේ කියලා කිව්වා. ලියුම බලලා මහියංගණයේ අධ්‍යක්ෂට කෝල් එකක් ගත්තා. එයා මොනවා හරි කිව්වා. පස්සේ තමුසෙට පුළුවන් දෙයක් කරනවා කියලා ලියුම විසි කළා. අයිසේ දානවා මේ මනුස්සයා එළියට කියලා කාට ද කතා කළා. ඒ වෙලාවේ තව කට්ටියක් හිටියා එතැන. ඒ අය මට දොර ඇරියා එළියට එන්න. දරුවා එක්ක මම එළියට එනකොට කියාගෙන ආවා මගේ දරුවා වෙනුවෙන් සර් මම අමාත්‍යාංශයට හරි යනවා කියලා. මට වෙන කරන්න දෙයක් නෑ කියලා කිව්වා. මේ දරුවා එකේ පන්තියට භාර දෙනකොට හොඳට ගිරවා වගේ කතා කරපු ළමයෙක් අද මෙහෙම වෙලා තියෙන්නේ.”
මහියංගණය සේරාණ ප්‍රාථමික පාසලේ විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු මෙලෙස පැවසීය.
“ඔය ළමයා පාසලට එන්නේ නෑ. කලින් පාසලේදීත් ඔය විදියටම ගුරුවරයකුට චෝදනා කරලා කලාපෙන් අපේ පාසලට ඔය ළමයා දැම්මේ. අපේ පාසලේ එහෙම දෙයක් වෙලා නෑ. ඔය තාත්තා දරුවා පාසල් එවන්නේ නෑ. ඒකට හේතු තමයි ඔය කියන්නේ. දරුවාට පාසලේ ඉගෙන ගන්න හොඳ වාතාවරණයක් තියෙනවා.”
මාපාකඩවැව සමූහ එච්. එම්. රංජිත් කරුණාවීර




















