BREAKING NEWS
Search

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධ ගැටලුවට කමිටුව දුන් අවසන් විසදුම මෙන්න

492

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බව නිර්දේශ කර ඇත.

මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

එම වාර්තාව අධ්‍යයනය කර, ගතයුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන විෂයභාර අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් පත් කරන ලදී.

එම කමිටුව අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝ විද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යානය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත වු බව අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව එම කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.

එහිදී වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බවත් එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *