BREAKING NEWS
Search

සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කරයි – ජනපති අනුරගෙන් දැඩි තීරණයක්

758

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් , ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට තීරණය කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුළු බොහෝ පිරිස් මෙලෙස දේශපාලන පත්කිරීම් ලැබ එම රටවලට ගොස් සිටී.

හෙලි වී ඇත්තේ, ඔවුන් කිසිදු රාජතාන්තික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බවයි.

විදේශ සේවයේ නිලධාරින් පෙන්වා දී ඇත්තේ, එවන් පත් කිරීම් විදේශ තානාපති කාර්යාල වලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලන හිතවත්කම් මත සිදුකර ඇති සියලු පත්කිරීම් අහෝසි කර එම පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *