BREAKING NEWS
Search

ඉන්ධන මිල අඩුවෙයි ද? හිටපු ඇමති කාංචන ඉන්ධන මිල අඩු කරන හැටි කියයි

377
ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කංචන විජේසේකර,
“ඔවුන් මැතිවරණ රැස්වීම්වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි.. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතුය. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් ​​රු. 100 දෙන්න පුළුවන් වෙයි.. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් දැනටමත් සකස් කර තිබූ විදුලි මිල සංශෝධනයක් ඔක්තෝම්බර් මාසය සඳහා සැලසුම් කරලා තියෙනවා.. මෙය ප්‍රමාදයකින් තොරව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යවන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”





Leave a Reply

Your email address will not be published. Required fields are marked *