BREAKING NEWS
Search

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන නිවේදනයක්

146

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබනවා ඔක්තෝබර් මස 01 වනදා සිට 08 වනදා දක්වා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට පත්කර 07 වන දිනයේ සිට 14 වන දිනය දක්වා කාලය තුළ ඒ සඳහා කටයුතු කළ යුතුයි. 

ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා සියලුම තැපැල් ඡන්ද දායකයින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔබගේ තැපැල් ඡන්ද අයදුම්පත් මේ කාලය තුළදී ඔබගේ ආයතන ප්‍රධානියා මගින් සහතික කරවාගෙන ඔබගේ ඡන්දය ලියාපදිංචි කර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීයාට ලැබෙන්න සලස්වන්න. 

මෙම මැතිවරණය සඳහා පාදක කරගන්නේ 2024 ඡන්දහිමි නාමලේඛනය. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්දහිමි නාමලේඛනය භාවිත කරගන්නේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *