BREAKING NEWS
Search

මරණයකින් අවසන් වූ අනියම් ඇසුර

640

වාරියපොල, වල්පාලුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සොරෙකු අල්ලාගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත සිදුකරනු ලැබූ විමර්ශනයකදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම ඊයේ (27) රාත්‍රියේදී සිදුව ඇත.

මරණකරු වයස අවුරුදු 33ක් වූ සුන්දරගම, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් ය.

මරණකරු සැකකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, මරණකරු සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවක සැකකරු නිවසේ සැඟව සිට මිටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන ඉහත ලිපිනයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *