BREAKING NEWS
Search

හැරි පොටර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් දිවියෙන් සමුගනී

139

ලොකු කුඩා කවුරුත්ට ආදරේ කරන, සදා අමරණීය‍ හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය. මියයන ඇයගේ වයස අවුරුදු 89 ක් බව පැවැසෙයි.

හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා පමණක් නොව ‘ඩවුන්ටන් ඇබී’ රූපවාහිනී කතා මාලාව හරහා ද  මැගී ස්මිත් ජනප්‍රිය වූවාය. බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ රිදී තිරයේ පෙන්වූ රංගන හැකියාව නිසා ඇය ඔස්කාර් සම්මාන  දෙකක් ද දිනා ගත්තාය.

ඒ, 1970 වසරේ දී ‘ද ප්‍රයිම් ඔෆ් මිස් ජීන් බ්‍රෝඩී’ සහ 1979 වසරේ දී ‘කැලිෆෝනියා සූට්’ චිත්‍රපටය වෙනුවෙන්. මේ අතර ඇයට තවත් බෆ්ටා සම්මාන අටක් හිමි විය.

මැගී ස්මිත් දෙවරක් විවාහ වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *