BREAKING NEWS
Search

බිඳවැටීම් සහ ආතතිය දරාගත නොහැක සටහනක් තබමින් ලොවම ආදරය කළ ක්‍රිකට් තරුවක් සමු ගනී

42293
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ට ඔහු අමුත්තෙක් නම් නොවෙයි.

ලෝකයේ වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකින්ම විශ්‍රාම ගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියොජනය කළ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් ලීග් පිටියේ දස්කම් දැක්වූවා.

ඒ වගේම පසුගිය වාරයේදී ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි කණ්ඩායම නියොජනය කල ඔහු එහි පන්දු යැවීමේ පුහුණුකරු වගේම ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

මේ දිනවල කැරීබියන් ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරන ඔහු ආබාධයකට ලක් වීමෙන් අනතුරුවයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙන්නේ.

“මගේ මනස දිගටම කරගෙන යාමට අවශ්‍යයි, නමුත් මගේ ශරීරයට තවදුරටත් වේදනාව, බිඳවැටීම් සහ ආතතිය දරාගත නොහැක” යනුවෙන් ඔහු ඉස්න්ටා සටහනක්ද තබා තිබුණා.

Ashley Allen - CPL T20/CPL T20 via Getty Images




Leave a Reply

Your email address will not be published. Required fields are marked *