BREAKING NEWS
Search

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට – 37 දෙනක්ම කාන්තාවන් සහ කුඩා දරුවන්

298

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පැවැසෙයි.

මරණ වාර්තා වන්නේ, ඉන්දියාවේ වාර්ෂිකව, තෙදිනක් තිස්සේ පැවැත්වෙන ‘ජීවිත්පූත්‍රිකා’ හින්දු ආගමික උත්සවයේදීය. මෙය ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික උත්සවයක් වන අතර, කුඩා දරුවන්ටත්, ඔවුන්ගේ මවුවරුන්ටත් ආශිර්වාද කිරීම සිදුවෙයි. ඒ ගංගාවල ස්නානය කිරීමෙනි. මවුවරුන් ආගමික උත්සවයට සහභාගී වන්නේ උපවාස කරමිනි.

දිස්ත්‍රික්ක රැසකින් හින්දු බැතිමත්හු මෙම ආගමික උත්සවයට සහභාගී වෙති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දියේ ගිලී මියගිය පිරිස අතර දිස්ත්‍රික්ක 15 කින් ආ බැතිමතුන් සිටින බවය.

පසුගිය කාලයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ගංගා සියල්ල පිටාර ගලන මට්ටමට පත්ව ඇති බවත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. ඒ ගැන නොසලකා දියට බැස පුජාවට එක් වීමට උත්සාහ කළ බැතිමතුන් මෙසේ දියේ ගිලී මියගිය බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *