BREAKING NEWS
Search

දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න – අගමැතිනියගෙන් නියෝග

207

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
”පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය නැති කිරීමට මේ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන් විභාග පැවැත්වීම හා ප්‍රථිපල ලබාදීම කඩිනම් කරන්න. ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රම වේදයක් මගින් සිදු විය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා ඒක එක පාර කරන්න බැරි වුණත් පාසල්වලින් මට වාර්තා වෙනවා මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න. මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන. අපි තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මේ පරපුර කොවිඩ් වලටත් මුහුණ දුන්නා. ඒ වගේම මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වීම නතර කරන්න”

No description available.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *