BREAKING NEWS
Search

පුද්ගල මළ සිරුරක් මහ පාරේ

303

හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේ ‍ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.

දින කිහිපයක් ගත වූ මළ සිරුර නරක් වි  ඇති අතර පාදයේ කොටසක් සතුන් විසින් කා දමන්ට ඇතැයි පොලිසිය සැක කරයි.

වයස අවුරුදු 50 ක් තරම් වන මෙම පිරිමි පුද්ගලයා කලුපාට කොට කලිසමක් හා කමිසයක් ඇඳ ඇති අතර මළ සිරුර මුණින් අතට වැටි ඇති බවද පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයට සමීපව  ආරක්ෂිත යකඩ වැට සමීපයේම ඇති මළ සිරුර මාර්ගයේ ගමන් ගත් කිසිවෙක් පසුගිය දිනවල දැක නැති අතර හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකල පරීක්ෂාවක දී මෙම නරක් වූ මළ සිරුර හමු වී ඇති බව පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *