BREAKING NEWS
Search

ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට විශේෂ පණිවිඩයක් – ඔබත් අදම මේ විදිහට කරන්න

526

ඔන්මැක්ස් ඩී.ටී  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල්  ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස  පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා අද  (25) නියෝග කළේය.

වංචාකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන්වරයකු සහ මෙම නඩුවේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝම්බර් මස 4 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු සතුව තිබෙන දේපළ සහිත වටිනා ඉඩම් පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *