BREAKING NEWS
Search

එක්කෙනෙක් කියලා නෑ.. ගොඩක් අය ප්‍රශ්න පත්‍රය බෙදලා දීලා.. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් ගුරෙක් අත්අඩංගුවට..

320
මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ආයෙත් තියනවාද නැද්ද කියන එක ගැන නේ..

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ හොරකමට අහුවුණු තවත් ගුරුවරයෙක් ගැන කතාවක්..

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක්..

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ..

පළමු ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබූ අතර, ඔවූහු ඉකුත් දින කිහිපය පුරා මෙම සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබෙනවා..

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *