BREAKING NEWS
Search

නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි

930

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ  ඩිපෙන්ඩර් රථය    වැලිකඩ  පාර්ලිමේන්තු පාරේ  ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි. 

අනතුර  සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් එච්. එස්. එස්.  තුයිය කොස්තා මහතා එම රථයේ  සිට නැතැයි පොලිසිය සඳහන් කරයි.එහි රියදුරුවන යුද හමුදා සෙබළා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍යාංශයේ සිට ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා කියැහැම් හන්දියේ සිට පොල්දූව දෙසට ධාවනය වෙමින් තිබියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම  වම් පස දියවන්නා  වගුරු බිමට පෙරළී  මෙම අනතුරු වී ඇතැයි පොලිසිය කියයි.

වේගය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.අනතුරින් අත්අඩංගුවට ගත් රියදුරුට  කිසිදු තුවාලයක් සිදුවී නැත.අනතුරින්  ඩිපෙන්ඩර් රථයට බරපතල අලාභ සිදුවී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *