BREAKING NEWS
Search

අවුරුද්දයි මාස පහක් වයසැති පුංචි මල් කැකුලකට මව කල අහස පොලොව නුහුලන අපරාධය

981

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසි එකක් වයස ඇති 18 කණුව ගලහා  ප්‍රදේශයේ  පදිංචිකාරිනියකි.

සැකකාරිය සහ ඇයගේ දියණිය ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ නිවසේ සිට ඇති අතර ඇගේ ස්වාමිපුරුෂයා නිවසෙන් බැහැරව සිට ඇති බව පොලිසිය පවසයි .

එම අවස්ථාවේදී සැකකාරියට දියණිය කෙරෙහි ඇතිවූ ක්ෂණික කෝපය මත  දියණියගේ නාසය සහ කට  තදින් වසාගෙන සිට ඇති අතර එහිදී දියණිය මරණයට පත්වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *