අදාළ අවස්ථාවේ එහි සිටි කාන්තාව රථයෙන් පැන තිබූ අතර පැහැරගත් මෝටර් රථය මෙතෙක් සොයාගැනීමට හැකිව නැහැ..
ඒ වන විටත් මෝටර් රථය පණගන්වා තිබී ඇති අතර, මාර්ගයේ පැමිණි මෙම පුද්ගලයා එකවරම එම මෝටර් රථයේ රියැදුරු අසුන පැත්තෙන් දොර ඇර එහි අසුන් ගෙන තිබුණා.. මෝටර් රථයට ඇතුළු වී ඇත්තේ සිය සැමියා නොවන බව දැනගත් කාන්තාව ඔහුට ඉන් බැස යන ලෙස පවසා ඇති නමුත් ඔහු තවදුරටත් මෝටර් රථයේ රැඳී සිට තිබුණා…
අදාළ පුද්ගලයා මෝටර් රථය ධාවනය කිරීමට කටයුතු කරනවාත් සමගම එහි සිටි කාන්තාව දොර විවෘත කර ඉන් පැන තිබුණේ මෙලෙසින්.. සැකකරු මෙම මෝටර් රථය රැගෙන පලාගොස් ඇති අතර, අදාළ යුවල සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබුණා..
ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරමින් එම ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන විමර්ශනය කිරීමේදී අනාවරණ කරගෙන ඇත්තේ එම මෝටර් රථය වත්තල දෙසට ධාවනය කර ඇති බවයි..
කෙසේ වෙතත් අදාළ මෝටර් රථය සොයා ගැනීමට මෙතෙක් හැකිව නැහැ.. මෝටර් රථය සහ එය පැහැරගත් පුද්ගලයා සොයා කිරිබත්ගොඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි…


















