BREAKING NEWS
Search

සියල්ලන් භීතියට පත් කරමින් කාන්තාවකගේ සිරුරු කොටස් ශීතකරණයකින් හමු වෙයි

571

කාන්තාවකගේ සිරුරු කොටස් ශීත කරණක් තුළ තිබී සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි මහාලක්ෂ්මි නැමැති තැනැත්තියක් වන අතර පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති තිබුණා.

ඇය තාවකාලිකව පදිංචිව සිටි බැංගලෝර් හි වයිලිකාවල් නගරයේ නිවස තුළ තිබූ ශීත කරණක තිබී ඇයගේ සිරුරු කොටස් මෙලෙස සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ඝන්ධයක් හමන බවට අවට පදිංචි ජනතාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පිටතින් දමා තිබූ අගුල් කඩා ඒ තුළට ඇතුල් වී තිබුණා.

එහිදී නිවස තුළ සිදු කළ පරික්ෂා කිරීමේ දී එහි තිබූ ශීත කරණක් තුළින් මෙම කාන්තාවගේ සිරුරු කොටස් සොයාගෙන ඇති අතර ඇයව ඝාතනය කර සිරුරු කොටස් ශීත කරණක් තුළ සඟවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දින පහකට පමණ පසු ඒවා මෙලෙස සොයාගෙන ඇති අතර, ඒ වන විටත් ඒවාට පණුවන් ගසා තිබූ බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *