යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරිනියක් 18 හැවිරිදි උසස් පෙළ සිසුවෙකු සමග පැන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගැනීමට කෝපායී පොලීසිය 22 දා පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා..
යාපනයේ රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන එම කාන්තාව 32 වෙනි වියේ පසුවන අතර ඇයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කරණ ලද විවාහ යෝජනා සියල්ලක්ම මේවන තුරු ප්‍රතික්ෂේප කළ බව දෙමව්පියන් විසින් පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා..
එම රාජ්‍ය නිලධාරිනියගේ පියා හා මව වැදගත් රැකියාවල නිරත වන අතර සිසුවාගේ දෙමව්පියන්ද ඊට සමාන සමාජ පරිසරයක ජීවත් වන පවුලක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.. එසේම 2024 වසරේ එලඹෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුවාගේ හා රාජ්‍ය නිලධාරිනියගේ පවුල් දෙක අතර කාලාන්තරයක සිට සමීප සබදතාවයක් පවතින බවටද පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා..
රාජ්‍ය නිලධාරිනියට අවසන් වරට ඉංජිනේරුවකුගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඊට දින කීපයකට පසුව එම නිලධාරිනිය හා පාසල් සිසුවාත් අතුරුදහන් වී තිබුණා.. පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ රාජ්‍ය නිලධාරිනිය වමනය හා හිසරදය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන වෛද්‍ය උපදෙස් මත සිදු කරන ලද ලේ හා මූත්‍රා පරීක්ෂණයකදී ඇය ගැබිණියක් බවට තහවුරු වී ඇති බවයි..
සිසුවාගේ දෙමව්පියන් විසින් මේ පිළිබදව කෝපායී පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගැනීමට කෝපායී පොලීසිය පියවර ගෙන තිබෙනවා..

















