BREAKING NEWS
Search

ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ. දෙකක් අත්අඩංගුවට

153

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක් තල්ලු කර තුවාල සිදුකිරීමේ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

තුවාල ලැබූ කොළඹ හය වැල්ලවත්ත ගාලු පාර පදිංචි කාන්තාවක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පැමිණ මෙම පැමිණිල්ල සිදුකළ බව පොලිසිය සඳහන් කරයි

ඊයේ  (22) දෙවන වර මනාප ඡන්ද ගණන් කරන අවස්ථාවේදී යම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම කාන්තාව සැකකරුවන් දෙදෙනා විසින් තල්ලු කර ස්ථානයේ කලාකාරී තත්ත්වයක් ඇතිකර ගැනීමට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ෙඅත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත හැව්ලොක් පාර මයුර පෙදෙස සහ කොළඹ හයවැල්ලවත්ත පදිංචි වයස අවුරුදු 43/45 අතර පසුවන්නන්ය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *