මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙලෙස දිවුරුම්දීමට නියමිතයි.
නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දීමය්ට නියමිත බවටයි වාර්තා වන්නේ.
මේ අතර සිව්දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත අතර පාර්ලිමේන්තුවද අද දින බොහෝ දුරට විසිරුවා හැරීමට ඉඩ ඇතැයි තොරතුරු වාර්තා වනවා.




















