BREAKING NEWS
Search

අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා

240

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අනුර කුමාර දිසානායක මහතා  මහ සද්දෙන්  කියූ  විදියටම  වැඩ පෙන්වන ආකාරය  බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔවුන් මේ දක්වාම  කළේ  අනෙක්  පාර්ශවයන් ලොකුවට  විවේචනය කිරීම බවද ඔහු කීවේය.

කවුරු කුමක් පැවසුවත් ජනමතයට හිස නමන බව පැවසූ කිරිඇල්ල මහතා අනුර දිසානායක මහතා ජීවන වියදම අඩු කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගවලට  උපරිම සහය දෙන බවද ප්‍රකාශ කළේය.

ඡන්දයෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *