2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ දී යම් අක්රමිකතාවයක් සිදුව ඇති බව සමගි ජන බලවේගය චෝදනා කරයි.
දේශපාලන පක්ෂ සහ මහජනතාව අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බවත්, තම පක්ෂයේ නියෝජිතයින් නොමැතිව ඇතැම් ගණන් කිරීමේ මධ්යස්ථානවල දෙවන ගණන් කිරීම ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් කටයුතු කර ඇති බවත්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ ය.
“අපි ඉල්ලුවා දෙවැනි ගණන් කිරීම අපේ පක්ෂ නියෝජිතයන් ඉදිරියේ කරන්න කියලා. නමුත් අපේ නියෝජිතයන්ට ගණන් කිරීමේ මධ්යස්ථානවලට ඇතුළුවීමට අවසර දීලා නැහැ,” ඔහු පැවසීය.
Source: newspedia



















