කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියේ කඩපිලකට ගෙනැවිත් දමා සිටි වයෝවෘද්ධ යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණවලදී තහවුරුවී තිබෙන බව වැල්ලම්පිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සරත් මල්ලවආරච්චි මහතා පුවත්පතකට පවසා තිබෙනවා
ඉතා අසරණ තත්වයේ සිටි මෙම වයෝවෘද්ධ යුවල සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණයක් කළ යුතු බවට වැල්ලම්පිටිය පොලීසියෙන් කළ දැනුම්දීමක් මත ඔවුන් දෙදෙනාට පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකළ බවත්, එහි ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වූ බවයි ඔහු සඳහන් කරන්නේ .
මෙම යුවල රාත්‍රී කාලයේදී මෙහි ගෙනැවිත් දමා ඇති බවත්, ඔවුන් කතා කරගැනීමට ද නොහැකි තරම් දුර්වල බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සඳහන් කරනවා
මෙම දෙදෙනාට අවට ජනතාව විසින් ආහාර පාන පවා ලබා දී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද සොයා බලා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සරත් මල්ලවආරච්චි මහතා පවසන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Source – Live@8




















