BREAKING NEWS
Search

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා

202

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන  නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යමින් සිටි නිළධාරීනියක සහ ඇගේ පියා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන්  තුවාල ලැබූ පියා සහ දියණිය  පුත්තලම මූලික රෝහලට  ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙම අනතුරීන් බරපතල ලෙස තුවාල සිදුව ඇත්තේ ආඩිගම ගල්කුලිය ප්‍රදේශයෙ සිට පුත්තලම ඡන්ද ගන්න කිරීමේ මධ්‍යස්ථානයෙ රාජකාරි සදහා යමින් සිටි නිළධාරීනියක් හා ඇය යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පියා බව කියයි.

අනතුර සිදු කළ බව කියන ල නිළධාරීයා අනතුර සිදුවන වන අවස්ථාවේදි අධික බිමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීයා පුත්තලම සිට ආණමඩුව දෙසට ගමන් කරමින් සිට ඇත.

කෙසේ වෙතත් අනතුරීන් බරපතල තත්වයෙ සිටි මෙම නිළධාරීනිය හා ඇගේ පියා කඩිනමින් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට යවා ඇති බව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *